දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි බලපෑමෙන්, උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති වන බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩිතද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- T56 ගිනිඅවියක් සොයා ගැනේ
- අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
- ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මියයයි
- අවම උෂ්ණත්වය නුවරඑළියෙන්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද සවස් කාලයේදී වැසි
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට












