වැල්ලවාය ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි දැරියක් දූෂණය කළ දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතවරයට පත්වූ දැරිය නිවසෙන් පාසල් යන බව පවසා පිටව ගොස් ඇතත් ඇය පාසලට නොපැමිණි බවට විදුහලෙන් ඇයගේ මවට දැනුම්දී තිබෙනවා.
පසුව දැරිය පාසල නිමන වේලාවේ නැවත නිල ඇඳුමෙන් නිවසට පැමිණ තිබෙනවා.
දැරියගේ මව දැරිය පොලිසියට කඳවාගෙන ගොස් ඇය පාසල් වෙලාවේ කොහේ සිටියේද, ඇයට යම් හිංසනයක් සිදුව ඇත්දැයි සොයා බලාන ලෙස පොලිසියට පවසා තිබෙනවා.
ඇය පවසා ඇත්තේ එදින බස් නැවතුම්පළේ සිය පෙම්වතා සමග කතා කරමින් සිටි බවයි.
කෙසේ වෙතත් දැරිය සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයකදී ඇය ස්ත්‍රී දූෂණයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.
නවැතත් දැරිය පොලිසියට කැඳවාගෙනවිත් ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා ඇත්තේ තම පෙම්වතාගේ උපදිනය තිබූ බවත් ඔහු හමුවීමට නිල ඇඳුමෙන් බස් නැවතුම්පළට ගොස් පොදු වැසිකිලියේදී සිවිල් ඇඳුමෙන් සැරසී ඔහු සමග මහවෙලමුල්ල ප්‍රදේශයට ගිය බවයි.
එම ප්‍රදේශයේ කැළෑබද ස්ථානයකට ගොස් පාලු නිවසක් පිටුපස ඇති කැළෑබද ප්‍රදේශයකදී තම පෙම්වතා සමග සිය කැමැත්තෙන්ම එකතු වූ බවත් දැරිය පවසා තිබෙනවා.
ඒ අනුව දැරියගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මෙම පුවත බලන්න | පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් හමුවේ |