රාජ්‍ය ආයතන විකුනා දැමීම සදහා දැනටමත් පිඹුරුපත් සකස් කර අවසන් බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි පර්ලිම්නේතු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ රාජ්‍ය ආයතන විකුනා දමමින් ආණ්ඩුව ජාත්‍යන්තර මුලය අරමුදලෙහි යෝජනා ක්‍රියාත්මක කරමින් සිටින බවයි .
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසුවේ රාජ්‍ය ආයතන පුත්ගලිකරණය කිරීමට තුලින් ජනතාවගේ සුබසාදනය අහිමි වන බවයි .