
හොරණ පොලිස් වසමේ ඉළිඹ හන්දියේ ඇලෙන් එගොඩ පිහිටි පාළු ඉඩමක සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා. මරණකරු වයස අවුරුදු 51ක් වූ පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විර්මශන සිදු කරන බව සඳහන්.














