
දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දිවියට සවියක් නිවාස වැඩසටහන තුළින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් සුරක්ෂිත නිවසක් වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියනයක් ලබා දුන් බවයි ජනාධිපතිවරයා සදහන් කලේ . මෙම වසරේදී එය රුපියල් මිලියන දෙක දක්වා වැඩි කළ බවද පැවසූ ජනාධිපතිවරයා ,ඒම මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් තව දුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවයි ප්‍රකාශ කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන දිවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සහභාගි වෙමින්. මෙම වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජ ගත වු වයස අවුරුදු දහ අටට වැඩි තරුණ තරුණියන් සහ අනාරක්ෂිත සහ අධිඅවදානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනා ගත් දරුවන් සඳහා නිවාස ඉදිකිරීමට මිලියන දෙකක ආධාර මුදලක් පිරිනමනු ලබනවා . බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් වෙත අදාළ මුදල් අධාර පිරිනැමීම ඊයේ සිදු කර තිබුනා.














