විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීම අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක මෙම කටයුතු සිදු කරන බවයි.
මෙහිදී සකස් කෙරෙන ගමන් බලපත්‍රය අයදුම්කරුගේ නිවස වෙත ලැබීමට සලස්වන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ.
විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමට පෙර අයැදුම් පත්‍රය පරීක්ෂාවකට ලක් කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දෛනිකව පුද්ගලයින් 765 කුගේ පමණ ඇඟිලි සලකුණු ලබා ගන්නා බවයි.
උණුසුම් පුවත්
- ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දිවයිනට
- පොලිස් දිනය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්
- කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට රජයේ අවධානය
- 159 වන පොලිස් දිනය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්
- නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලක්
- පූර්ණ චන්ද්‍රග්‍රහණයක්
- රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට
- විද්්‍යුත් වාහන භාවිතය ප්රචලික කිරීමට පියවර