අමෙරිකාව සහ ඉන්දියාව අතර හවුල්කාරිත්වය දෙරටට පමණක් නොව සමස්ත ලෝකයටම වැදගත් වන බව ඇමෙරිකානු කොංග්රස් සභික රාජා ක්‍රිෂ්ණමූර්ති පවසනවා.ඔහු ඒ බව පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයක් සඳහා සූදානමින් සිටින පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.
ඉන්දු-ඇමරිකා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ද දෙරට අපේක්ෂා කරන බවයි ඔහු පවසන්නේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය අමෙරිකානු සංචාරය අතරතුර එරට කොංග්රස් මණ්ඩලය ඇමතීමට ද නියමිතව තිබෙනවා.
ජූනි 22 වනදාට යෙදී ඇති එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවයි පැවසෙන්නේ