ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසනවා.
මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන තුරු ඇතැම් පිරිස් බලා සිටියත් රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය පළ වී තිබෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව සදහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.
තමා පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන එක්සීම් බැංකුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදය පළ කළ බවත් ඒ මහතා එහිදී සදහන් කළා.
එසේම කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළ බව පැවසූ අමාත්‍යවරයා චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බවද එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.
උණුසුම් පුවත්
- හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
- රජය අපහසුතාවයට පත් කරන බොරු ප්‍රකාශ කරන්න එපා
- පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි
- ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි
- ජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !













