ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය සදහා සංශෝධිත නව පනත් කෙටුම්පතක් ගෙන එන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.
එම කෙටුම්පත සකස් කිරීම සදහා මේ වන විට ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සිදුකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව ප්‍රකාශ කළා.
ධීවර කටයුතුවල නිරත වන බෝට්ටුවලට බැටරි මෝටර් යොදා ගැනීම තුළින් ධීවරයින්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන බවත් එතුළින් ඉන්ධන ප්‍රශ්නයට විසදුම් ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.