දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි සහ සුළං තත්වය අද සිට තරමක අඩුවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්තෙත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කලේ.
හඬ පට ධාවකයමේ අතර පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 112 ක පුද්ගලයින් 500 ක් පමණ දෙනා පිඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා.
හඬ පට ධාවකය