මෙම දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා .
ඔහු පෙන්වා දෙන්නේ අඛණ්ඩව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි .
බොහෝ කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවධානමක් ද පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් කියාසිටියා .
මේ ඒ පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලිකළ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.