තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
පසුගිය වසර කිහිපය තුළ නිකුත් කරන ලද බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබද අවධානය යොමු කරමින් මේ වන විට සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.