හිංසාකාරී ලෙස මී ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඊයේ(02) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මැදවච්චිය නගරයේදී අත්අඩංගුවට ගත් බවයි මැදවච්චිය පොලිසිය කියා සිටියේ.
කුරුණෑගල සහ මල්වල පිටිය ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 32ක් සහ 60ක් පමණ වන පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
වැටලීමේදී මී ගවයින් 11 දෙනෙක් හිංසාකාරී ලෙස පවටාගෙන සෙට්ටිකුලම සිට කුරුණෑගලට ප්‍රවාශනය කරමින් සිටියදී සැකකරුවන්, මී ගවයින් සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැදවච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.