පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අද (18) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.