අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා ලබා දීමට රජයේ වියදමින් ගෙන්වන ලද රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ 2015 ජනාධිපතිවරණ සමයේදී සිය හිතවතුන්ට ලබා දී රජයට පාඩුවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් ජූලි 3 වන දා හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගන්නා ලදී.
අගෝස්තු මස 01 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙස අල්ලස් කොමිසමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග නියෝග කරන ලදී.