
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ වැඩසටහනක් ජූලි 13 වනදා සිට 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලුම ප්‍රදේශ, මහරගම සහ කෝට්ටේ කලාපයන් කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, බිල්පත්වල ඇති හිඟ මුදල් මෙම මස 13 දිනට පෙර ගෙවා නිම කරන ලෙසයි.














