හැටන් – නුවරඑළිය මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ කොටසක රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
නානුඔය පොලිසිය පැවසුවේ නායයාමේ අවදානමක් හේතුවෙන් නුවරඑළිය – හැටන් මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ මීටර් 300ක පමණ කොටසක මෙලෙස රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කළ බවයි.
ප්‍රධාන මාර්ගයට ඉහළි විශාල පැති බැම්මක් කඩා වැටීමත් සමග එම කොටස නායයාමේ අවදානමක් පවතින බවයි පොලිසිය පවසන්නේ.
එමනිසා මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ නුවරඑළිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් නිවසක පැති බැම්මක් ඊයේ(02) දිනයේදී කඩා වැටී තිබෙනවා.