පළාත් පාලන සතිය ආරම්භවීමත් සමග හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
හැටන් නගරයේ ප්‍රධාන වීදියේ, පැති වීදියේ සහ අතුරු මාර්ගවල පාරිභෝගිකයන්ට අවහිර වන සේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන්ට ඉන් ඉවත් වන ලෙසට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ආදායම් පරිපාලක සහ නිලධාරීන් අද(15) දින පස්වරුවේ උපදෙස් ලබාදී තිබෙනවා.
වෙළෙඳ සැල්වල අලෙවි කිරීමට ඇති ඇතැම් ආහාර ද්‍රව්‍ය සහ එළවළු පදික වේදිකාව අවහිර වන සේ ප්‍රදර්ශනය කර තිබූ අතර එම වෙළෙඳුන්ට අවවාද කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් පියවර ගත්තා.
අවවාද කිරීමෙන් පසුව තවදුරටත් එම වෙළෙඳුන් පදික වේදිකාවේ වෙළඳාම් කරන්නේ නම් එම වෙළෙඳුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර එම වෙළෙඳුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් කියා සිටියේ.