හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (01) දින හැටන් නගරයේ ආපන ශාලා, සිල්ලර වෙළෙඳ සැල්, තොග වෙළෙඳ සැල් සහ එළවළු වෙළෙඳ සැල් හදිසි පරීක්‍ෂාවකට ලක් කර තිබෙනවා.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග එක්ව සිදු කළ මෙම පරීක්‍ෂාවේදී අපිරිසිදු ආකාරයෙන් ආපන ශාලා පවත්වාගෙන ගිය ආපන ශාලා රැසකට සහ නරක් වූ එළවළු සහ පදික වේදිකාව අවහිර වන සේ එළවළු අලෙවි කළ වෙළෙඳුන් කිහිප දෙනෙකුට එරෙහිව මේ මස 12 වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමටද කටයුතු කර තිබෙනවා.
මෙම පරීක්ෂාවේදී තොග සහ සිල්ලර වෙළෙඳ සැල් කිහිපයක්ද පරීක්‍ෂාවට ලක් කළ අතර එම වෙළෙඳ සැල්වල කල් ඉකුත් වූ ආහාර සහ අපිරිසිදු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය තොග එක්රැස් කිරීම ප්‍රදර්ශනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ වෙළෙඳුන් රැසකට එරෙහිව තෛික පියවර ගෙන තිබෙනවා.
හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත මෙම වැටලීම සිදු කළ බවයි වැටලීමට එක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ.