කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි වෛද්‍ය පුණ්‍යායතනයකට අයත් සැහැල්ලු ගුවන්(Air Ambulance) කඩා වැටී අනතුරක් සිදුව තිබේ.
එම යානාව වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් වන අතර එම අනතුරකින් 6 දෙනෙකු මියගොස් ඇත.
එමෙන්ම, එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් යනය එරට අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකට කඩා වැටී ඇත.
ප්‍රාන්ත කොමසාරිස්වරයා පවසා ඇත්තේ අනතුරට පත් යානයේ සිටි සිව් දෙනෙකු වෛද්‍යවරුන්, හෙදියන් සහ නියමුවා ඇතුළු සිව් දෙනෙකු මිය ගිය බවත්, බිම සිටි තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ බවත්ය.
අනතුරට හේතුව තහවුරු කිරීම සඳහා විමර්ශකයින් එම ස්ථානයට යවා ඇත