මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රජයේ තීරණයකට අනුව එම ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සහ එම නීති විරෝධි ක්‍රියා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම පුපුරණ ද්‍රව්‍ය වගාබිම් වලින් වන සතුන් පලවා හැරීම සඳහා බහුලව භාවිතා වන බව වාර්තා වන අතර මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මගින් පසුගිය කාලසීමාව තුළ පුද්ගලයන්ට හා වන සතුන්ට සිදු වූ දරුණු තුවාල සහ මරණ කිහිපයක් ද වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික හා සංරක්ෂණ අභියෝග ද මතු වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.
එමෙන්ම රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයන් මින් ඉදිරියට මෙවැනි නීති විරෝධී නිෂ්පාදන කටයුතු වල නියැලී සිටින බව හෝ ඒ සඳහා අනුබල ලබා දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදන බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.