සූඩානයේ පවතින සටන් හේතුවෙන් මේ වන විට ලක්ෂයකට වැඩි පිරිසක් සූඩානයෙන් පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එමෙන්ම තවත් පුද්ගලයන් තුන් ලක්ෂ 34,000ක් අවතැන්ව එරට තුළ රැඳී සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.
සූඩානයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද සූඩාන හමුදාව සහ ආර්.එස්.එෆ් කණ්ඩායම අතර දිගින් දිගටම සටන් පවතින බවත්, හෙට සිට දින 07ක කාලයක් සදහා ප්‍රතිපත්තිමය වශයෙන් දින 07ක සටන් විරාමයකට යෑම සඳහා මෙම කණ්ඩායම් දෙක පොරොන්දු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.