තායිලන්ත අග්‍රාමාත්‍ය පේටොංටර්න් ෂිනවාත්‍රා ධූරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා.
අගමැතිවරියගේ කාම්බෝජ හිටපු නායකයා සමඟ කළ දුරකථන සංවාදයක තොරතුරු හෙළිවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිදුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කිරීමෙන් අනතුරුව, අධිකරණය ඇයව අගමැති ධූරයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.
38 හැවිරිදි පේටොංටර්න් ෂිනවාත්‍රා, තායිලන්ත ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයක් දැරූ ළාබාලතම පුද්ගලයායි.
පසුගිය දශක දෙක තුළ තායි දේශපාලනයේ ආධිපත්‍ය දැරූ ප්‍රබල ශිනවාත්‍රා පරපුරේ ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන්වැනි නායකයා බවට ඇය පත්වනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට













