මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 13 වැනි දා අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී උන්වහන්සේ විහාරස්ථානයේ වැඩවිසූ අතර සුමනරතන හිමියන්ට ඉන් අනතුරක් සිදු වූයේ නැහැ.