2004 දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 24 කට බලපෑ සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 21 ක් සපිරෙනවා.
අදින් 21 ක් වසරකට පෙර එනම් 2004 දෙසැම්බර් 26 මෙරට ඉතිහාසයේ සදාතනික ශෝකාන්තයක පරිචයක් ලියවුනු අදුරුතම දිනයක් විය.
එදින නත්තලට පසු දින වීමත් උදුවප් පුර පසළොස්වක පොහොය දිනයත් වීම හේතුවෙන් මෙරට වැසියන් විවේකී සුවෙයෙන් තම ජීවිතය ගත කරමින් සිටියෝය.
ඇතැමුන් පොහොය වෙනුවෙන් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන්නට විය.
තවත් පිරිසක් නත්තල වෙනුවෙන් තමනුගේ නෑදෑ හිත මිතුරන් මුණ ගැසෙන්නට තෑගි බෝග පිරිවරා යන්නට මෙන්ම විනෝද ගමන් වලද නිරත වන්නටද විය.
නමුත් ගත වූයේ නිමේශයකි,
එදින උදෑසන 9.30 ට බටහිර සුමාත්‍රාවේ රික්ටර් මාපකයේ ඒකක 9.1 ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය.
භූ කම්පනය ඇති වී මිනිත්තු 30 කටත් අඩු කාළයකදී ඇති වන ඒ උදම් සුනාමි රළ පහර උතුරු සුමාත්‍රා සහ ඉන්දියාවේ නිකොබාර් දූපාත් ආක්‍රමණය කරන්නට විය.
ඉන් පසුව පැය 2 ක් ගතවීමටත් පෙර ඒ දැවැන්ත සුනාමි රළ පහර නැගෙනහිර වෙරළ තීරය ආක්‍රමණය කරමින් මෙරට දකුනු වෙරළ තීරය දක්වා සමස්ත වෙරළ තීරය ආක්‍රමණය කළේය.
එදා විහාර මාදේවියගේ පුරාවෘත්තයෙන් මෙරට මහුද ගොඩගැලීම සම්බන්ධයෙන් ඉතිහාස කථා පමණක් අසා සිටි අපේ ශ්‍රී ලාංකිකයින් එදින බිහිසුනු සුනාමියේ අමිහිරිම අත් දැකීම පළමු වරට විදින්නට විය.
එදින ඇති වූ දැවැන්ත සුනාමි රළ පහර ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 14 කට කඩා වැදුනේ ජීවිත දේපළ රැසක් මහා සයුර මැද සදහටම සගවාලමින් වීම නොරහසකි.
2004 සුනාමිය හේතුවෙන් මෙරට 35,000 කට අධික පිරිසකට ජීවිත අහිමි වූ අතර 5000කට අධික පිරිසක් අදටත් අතුරුදන්ව ඇත.
සුනාමිය හේතුවෙන් සුමාත්‍රා කලාපයේ ශ්‍රී ලංකාවේද ඇතුලුව සුදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 230,000 ක් පමණ විය.
මෙරට සුනාමි ව්‍යවසනයේ දැවැන්තම ඛේදවාචකය ලෙස සැලකෙන්නේ පැරූලිය දුම්රිය අනතුරයි.
ඉන් දුම්රියේ ගමන් ගත් මගීන් 2000 කට අධික පිරිසකට තම ජීවිතය අහිමි වී තිබුණා.
මේ දරුණු ශෝකාන්තය මෙරට ඉතිහාසය තුල අදටත් ජීවමාන සෝ සුසුම් සමුදායක් ඉතිරි කර තිබෙනවා.
අදටත් සුනාමිය හේතුවෙන් අතුරුදන් වූ තම දෙමා පියන් සොයන දූ දරුවන් ,තමන්ගේ දරුවන් සොයන දෙමාපියන් , අදටත් මහසයුර දෙස බලමින් තම ආදරණීයන් සිහි ගන්වන බොහෝ දෙනා ඒ ශෝකාන්තයේ සදාතනික ජීවමාන සාක්ෂි වී හමාරය.
මෙවැන් ව්‍යවසනයක් යළිත් කිසිදු දාක මෙරටට නොවේවා .වී එෆ් එම් ප්‍රවෘත්ති අපගේ එකම පැතුම වන්නේ එයයි.













