මැද නාත්තන්ඩිය වික්‍රමසිංහ මාවතේදී ඝාතනය කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවගේ ඝාතනය ඩුබායි රටට පලාගොස් සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන පුද්ගලයෙකු දුන් කොන්ත්‍රාත්තුවක් මත ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගය අනාවරණ කරගෙන තිබෙනවා.
ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය අතර දුරකතනයෙන් බහින්බහස්වීමක් සිදුව ඇති බවද පැවසෙනවා.
මෙය පාතාල වෙඩික්කරුවන්ගේ ක්‍රියාවක් බවට පොලිසිය සැක කරනවා.
රුපියල් හාර දහසක් වටිනා මත්ද්‍රව්‍ය පැකට් දෙකක් රැගෙන එන ලෙස දුරකථන ඇමතුමකින් දැනුම්දීමෙන් පසු ඇය සි යදස හැවිිදි නිවුන් දරුවා සහ තවත් දෙදෙනෙකුද කැටුව ත්‍රීරෝද රථයකින් ඇයගේ මවගේ නිවස ආසන්නයට ඉකුත් 22 වනදා රාත්‍රීයේ ගිය අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව මරුමුවට පත්වූවා.
වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ දස හැවිරිදි නිවුන් දරුවාද තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර තවමත් ප්‍රතිකාර ලබමින් පවසුවෙනවා.
වෙඩිකා මියගිය කාන්තාව පරිහරණය කළ ඇයගේ ජංගම දුරකථනය පොලිස් භායරට ගෙන එයට ලැබී ඇති එම ඇමතුම් සම්බන්ධයෙන් සොයා බලා ඒ ඔස්සේ සැකකරුවන් අනාවරණය කරගැනීමට පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වෙනම පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ මාරවිල, මරද, ඉද්දමල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ වසන්ති චතුරානි(30) හෙවත් සුද්දි නමැති තිදරු මවකි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත මාරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උපුටා ගැනීම : ලංකාදීප පුවත්පත