Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි
    • පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
    • ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
    • වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
    • මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැබ්බර මුවදෙන මැරූ සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක්ට ගම්මුන්ගෙන් සංග්‍රහයක්

    ගැබ්බර මුවදෙන මැරූ සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක්ට ගම්මුන්ගෙන් සංග්‍රහයක්

    කාංචන කුමාර ආරියදාස - දඹුල්ල
    2025-07-25කියවීමට මිනිත්තු 3ක් ගතවේ.167 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද 25 දින මකුළුගස්වැව ‍පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබේ.

    මෙම පිරිස අල්ලා ගැනීමත් සමඟ වන ජීවී නිලධාරින් සහ පොලිසිය අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්ද හට ගැනිණ, පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ අත්අඩංගුවට පත් පොලිස් සැරයන්වරුන් දෙදෙනා සිවිල් පුද්ගලයා ඔවුන් පැමිණි යතුරුපැදිය සහ වෙඩි තබා ඝාතනය කරන ලද මුව දෙනගේ සිරුර මකුළුගස්වැව පොලිසිය රැගෙන යන්නට වූයේ වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධය මධ්‍ය වීම විශේෂත්වයෙකි .

    ගල්කිරියාග, මකුළුගස්වැව පොලිස් බල ප්‍රදේශයේ හීනුග්ගල රක්ෂිතයේ මෙදින අලුයම තුනයි හතළිස් පහට පමණ යම්කිසි වාහනයකින් පැමිණි අයෙකු වෙඩි තබන සද්දයක් ඇසී එහි අසල්වැසි තරුණයෙකු එකවරම ඒ පිළිබඳව සොයා බලා තිබේ. පසුව ඔවුන් අනෙක් තරුණයන්ටද කතා කොට විදුලි පන්දම් දැල්වීමේ දී එකවරම වාහනය පිටව ගොස් ඇතැයි ඔවුහු පවසති

    කෙසේ වෙතත් නැවතත් අලුයම හතරයි තිහට පමණ යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ කැලයේ සැඟව සිටියදී ප්‍රදේශයේ තරුණයන් පිරිස ඔවුන්ව අල්ලාගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මුවදෙනා වෙඩි තබා ඝාතනය කොට එම මළ සිරුර රැගෙන යෑම සඳහා පැමිණි බවය. පසුව ඔවුන් තිදෙනා ගස් බැඳ ගල්කිරියාගම වනජීවී කාර්යාලයට සහ මකුළුගස්වැව පොලිසියට දන්වා තිබෙ

    පළමුවෙන් එම ස්ථානයට පැමිණ ඇත්තේ මකුළුගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසකි, ඊට විනාඩි කිහිපයකට පසුව වහාම ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වනසත්ව නියාමක සඳුන් හේමනායක මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ ඇත.

    වන ජීවී නිලධාරීන් එහි සිටි පොලිස් නිලධාරීන්ට කියා සිටියේ මෙය වනජීවී පනත උල්ලංඝනය කිරීමක් නිසාවෙන් මෙන්ම සැකකරුවන් පොලිස් නිලධාරීන් නිසාවෙන් වහාම තමන් වෙත සැකරුවන් භාරදෙන ලෙසය, මකුළුගස් වැව පොලිසියේ නිලධාරීන් ඊට දැඩි අකමැත්ත ප්‍රකාශ කළේ තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙම සිද්ධිය භාර නොදෙන ලෙස පවසමින්ය

    කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදීම ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව නියාමක සඳුන් හේමනායක මහතා පොලිසියෙන් දැඩි ලෙස ඉල්ලීමක් කරන්නට විය .එහිදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු බව පවසන අයෙකු දුරකථනයෙන් සම්බන්ධ කොටස පොලීසිය නිතිය ක්‍රියාත්මක කිරීමට හැකි බව පැවසීමත් සමඟ වනජීවී නිලධාරින් සහ පොලිසිය අතර ද උණුසුම් කතාබහක් ඇති විය

    මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ මඩාටූගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ ගිරානේගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් වරයෙකු මෙන්ම මහව සියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය සඳහන් කළේය

    අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනකු සහෝදරයන් බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති

    ප්‍රදේශවාසීන් පොලිසියෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඔවුන් පැමිණි කැබ් රථය සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය අත්අඩංගුවට ගැනීමත් තොරව ඔවුන් රැගෙන නොයන ලෙසත් , එමෙන්ම එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු වනජීවී නිලධාරීන්ට ලබා දෙන ලෙසය . ඊට පොලිසිය දැඩි ලෙස විරෝධ වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හට ගැනීම විශේෂත්වයකි

    එමෙන්ම එක් පොලිස් නිලධාරියෙකු එහි සිටි කාන්තාවකට තරුණයන් පිළිබඳව පස්සේ බලා ගන්නන් යැයි තර්ජනය කිරීමත් සමඟ එම කාන්තාව සහ තරුණයන් පොලිසියට දැඩි විරෝධය ප්‍රකාශක කරන්නට ගොස් එහි උණුසුම් තත්ත්වයක් ද හට ගැනිණි

    කෙසේ වෙතත් ඔවුන් සැකකරුවන් පිරිස රැගෙන යන්නට විය.

    වන සත්ව නියාමක සඳුන් හේමනායක මහතා සඳහන් කළේ තමාගේ නිරීක්‍ෂණය අනුව මෙම වෙඩි තැබීම ටී පනස් හය ගිනි අවියකින් සිදු කරන්නට ඇති බව විශ්වාස කරන බවය

    එම නිසා මෙම මියගිය මුව දෙනගේ පශ්චාත් මරණ පරීක්ෂණය වනජීවී පශු වෛද්‍යවරයෙකු ලවා සිදු කර ගැනීමේ අවශ්‍යතාවය මතුවන බවය. පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කරන්නට යන්නේ වනජීවී නිලධාරීන්ට පැවරී ඇති අණ පනත් අනුව රාජකාරිය බවත් ඒ අනුව වනජීවී නිලධාරීන්ට මෙම සිද්ධිය පරීක්ෂණ කටයුතු භාරදීමට හැකියාව තිබියදී පොලිසිය එය ඉටු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවය

    කෙසේ වෙතත් මකුළුගස්වැව පොලිසියේ එම ස්ථානයට පැමිණි උසස් නිලධාරියකු සඳහන් කළේ තමන් අපක්ෂපාතීව මෙම පරීක්ෂණය පවත්වන බවට ගම්මුන්ට විශ්වාසය තබා ගන්නා ලෙසය.

    පෙර පුව​ත“සුද්දි” මැරුවේ ඩුබායි කොන්ත්‍රාත් එකකට?
    ඊළඟ පුව​ත T56 ගිනි අවියක් ළඟ තබාගත් සැකකරුවෙක් ගැන CIDයෙන් පරීක්‍ෂණ

    සබැ​ඳි පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group