විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන
කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට ජීවිත තර්ජන එල්ල වූ තිබෙනවා
ඔහු පදිංචි මිනුවන්ගොඩ, යටියන නිවසට මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන්
විසින් ආරක්ෂාව ලබා දී තිබෙනවා
කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් ඉකුත් 3 වන දා ප්‍රධාන පොලිස්
පරීක්ෂකවරයාට මරණීය තර්ජන එල්ල කර තිබුණේ පද්මේගේ සමීපතමයෙකු
වූ පස් දේවා නමැත්තකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු
මත උඩුගම්පළ, කෙහෙල්බද්දර පද්මෙට අයත් බව කියන හෝටලයකට ඉබි
යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින්
කෙහෙල්බද්දර පද්මේගේ මරණීය තර්ජනවලට බිය නොවූ ප්‍රධාන පොලිස්
පරීක්ෂකවරයා ද ඔහුට බැණ වැදී තිබූ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ
දරුපවුල ම මරා දමන බවට ඔහු තර්ජනය කර තිබෙනවා
සිද්ධිය එම අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි
රොහාන් ඕලුගල වෙත දැනුම් දීමෙන් පසු ඔහු වැඩ බලන පොලිස්පතිවරයා
දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ආරක්ෂාව ලබා
දීමට පියවර ගෙන තිබෙනවා