වැඩිම ඉන්දීය සිසුන් සංඛ්‍යාවක් සිටින රට ජර්මනිය බව ඉන්දියාවේ ජර්මානු තානාපති පිලිප් ඇකර්මාන් පවසනවා.
එලෙස ජර්මනියේ සිටින සමස්ත සිසුන් සංඛ්‍යාව 42,000 කට අධික බවයි ඔහු සඳහන් කළේ.
වසරක කාලයක් ඇතුළත එම සංඛ්‍යාව සියයට 25 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි ද තානාපතිවරයා සඳහන් කළා.
එය අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජර්මනිය තුළ ඉන්දියානු සිසුන් ජනප්‍රිය බව ද ඉන්දියාවේ ජර්මානු තානාපති පිලිප් ඇකර්මාන් සඳහන් කර තිබෙනවා.
ඉන්දියානු සිසුන්ගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් ජර්මනියේ විශ්ව විද්‍යාල ඔවුන්ව බඳවා ගැනීමට උනන්දුවක් දක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














