Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිල් ගන්න ගිය සැමියා කෙල්ලෙක් එක්ක දන්සලේ

    සිල් ගන්න ගිය සැමියා කෙල්ලෙක් එක්ක දන්සලේ

    - බිරිඳ රූපවාහියෙන් දකී
    2023-06-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාර්යාලයේ තිබෙන සීල සමාධි වැඩසටහනට යන බව පවසා වෙනත් කාන්තාවක් සමග ගොස් දන්සලක ආහාර ලබාගන්නා අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දුටු බිරිඳ සැමියාට ලබාදුන් අපූරු දඩුවමක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තා වනවා.

    එම සැමියා කාර්යාලයේ ඇති සීලසමාධි වැඩසටහනට යාමට සූදානම් වෙමින් සිටියේ පොසොන් පොහොයට සතියක පමණ කාලයක සිටය. ඔහුගේ බිරිඳ ඒ සඳහා අවශ්‍ය කළමනා සියල්ල අඩුවක් නැතිව සකසා දීමට වගබලා ගත් අතර දහවල් දානය කාර්යාලයෙන්ම සපයන අතර බිරිඳට සහ දරුවන්ට නිවසේ සිටින ලෙස සැමියා පවසා උදේම පෙහෙවස් සමාදන් වීම සදහා පිටව ගියා.

    එම බිරිඳ සහ සැමියා යන දෙදෙනාම රජයේ සේවකයන් වන අතර ඔවුහු ප්‍රදේශ දෙකක කාර්යාල දෙකක සේවය කළ අතර සැමියාට රජය විසින් ලබාදෙන ලද යතුරු පැදියක් සහ බිරිඳට සිය පියා ලබාදුන් මෝටර් රථයක් තිබුණා.

    නිවසේදී මල් පූජා කිරීම සඳහා සුදානම් කරමින් සිටිද්දී දරුවන්ගේ කෑ ගැසීම නිසා  සාලයට දිව ආ බිරිඳට “අම්මේ තාත්තා නැන්දා කෙනෙක් එක්ක දන්සලේ බත් කනවා දැන් පෙන්නුවා” යැයි දරුවන් පැවසීම නිසා ඇයට උන්හිටි තැන් අමතක විය. සැමියාට ඇමතුමක් ගත්තද දුරකතනය ද ක්‍රියා විරහිත කර තිබුණා.

    දරුවන් එහාට මෙහාට වන්නට හැර අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති වැඩසටහන බාගතකර නැරඹූ ඇය හට සැමියා කාන්තාවකව සමග දන්සලක ප්‍රයිඩ්රයිස් කන අයුරු පැහැදිලිව දර්ශනය විය.

    ඇය නැවත සැමියාට කඩිනමින් ඇමතුමක් ලබා ගත්තද ඔහු ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඇය  දරුවන් සමග ඇයගේ මහ ගෙදර ගිය අතර ගේට්ටුවට ඉබියතුරු දමා යන්නට අමතක නොකළා.

    රාත්‍රී නිවෙසට පැමිණි සැමියා ගේට්ටුව වසා දැමීම ගැන විමසීමට ඇමතුම් ලබාගත්තද බිරිඳ එයට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඇය මහගෙදර යන්නට ඇතැයි සිතා එහි ගිය සැමියාට බිරිඳගේ සහෝදරයන් දෙදෙනාගෙන් මුහුණ දෙකම්මුල් රතුවන සංග්‍රහයක් හිමිවූ අතර පවුලේ අයගේ දැඩිලෙස දෝෂාරෝපණයට ද ලක්වුුණ අතර නිරුත්තර වූ සැමියාට බිරිඳ විසින් විඩියෝ දර්ශනයද ප්‍රදර්ශනය කර පෙන්නුවා.

    සැමියාගේ යතුරු පැදියේ බලපත්‍ර සියල්ල හා යතුර ඇය ලබාගත් අතර සැමියා සිය මෝටර් රථයේ නංවා ගෙන ගොස් නිවසේ සහ ගේට්ටුවේ යතුරු ඔහුට ලබාදි නිවස අසලින් බස්සවා ඇය නැවත මහගෙදර ගිය අතර දරුවන් සමග ඇයගේ මහගෙදර නැවතුනා.

    කිලෝ මීටර් හතරක් පමණ පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණ බස් රථයක නැගී දිනපතා රාජකාරියට යාමට සැමියාට පසු දින සිට සිදුවූ අතර යතුරු පැදියට කුමක් වුවාදැයි කාර්යාල මිතුරන් විමසූ විට එහි කාර්මික දෝෂයක් නිසා සිල් සමාදන් වීමට පැමිණිය නොහැකි වූවා යැයි බොරුවක් කීවද සිද්ධිය කාර්යාලයට ද ආරංචි වීමට වැඩි දිනක් ගත නොවීය.

    අනෙක් කාන්තාව සහ සැමියා ආයතන ප්‍රධානියාගේ දැඩි දෝෂ දර්ශනයට ද ලක්විිය. මිතුරන් ගේ උසුළු විසුළු දරාගත නොහැකිව සැමියා සතියක් නිවාඩුව ලබාගෙන නිවසේ ගතකරන අතර කාන්තාවට වෙනත් කාර්යාලයකට කඩිනම් ස්ථාන මාරුවීමක් ලැබුුුණා.

     

     

    පෙර පුව​තඉන්දියාව මාලදිවයින සමග හමුදා අභ්‍යාසයක.
    ඊළඟ පුව​ත බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි

    සබැ​ඳි පුවත්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group