නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.
අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ පිළිබදව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ .
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සදහන් වනවා.