අඹන්පොල, තිඹිරියාව, ඇඹෝගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි තිඹිරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සාදය අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් නිවසේ හිමිකරු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.












