ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු වූ බව අප වාර්තාකරු සඳහන් කළා.
ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ලෙස ක්‍රියාත්මකයි.
ඊඩල්වයිස් ( Edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.068 දරන යානයෙන් පැමිණ පිරිස පිළිගැනීම සදහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.
මෙම ගුවන් සේවය සතියකට වරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබනවා.