සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකයක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත හුවමාරු කිරීමේ ඩිජිටල් වේදිකාව සහ ලංකා රාජ්‍ය මේඝය වැනි ප්‍රධාන ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ සිදු වන ඩිජිටල්කරණ ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට අපේක්ෂා කරනු ලබයි.
එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබෙනවා.
ඒ සඳහා සයිබර් තර්ජන හඳුනා ගැනීම හා ඒවාට සාර්ථකව මුහුණදීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණය කිරීමේ හැකියාව සහ මානව සම්පත් ධාරිතාව ප්‍රවර්ධනය හා සයිබර් පර්යේෂණ සිදු කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ඒකකයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තුළ පිහිටුවීමේ ව්‍යාපෘතියක් සැලසුම් කළා.