සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරියේදී ත්‍රීකුණාමලය ප්‍රදේශයට ගෙනයාමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම පියවරට එළඹි බවයි අමාත්යවවරයා සදහන් කළේ.
මේ අනුව “ටි්රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්” සමාගම සමග එක්ව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය සදහා උපායමාර්ගික ආයෝජකයෙකු තෝරා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බව සදහන්.
මීට අමතරව නාගපට්නම් සහ කොළඹ යා කරමින් බහු නිෂ්පාදන තෙල් නල මාර්ගයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ශ්‍රී ලංකාවේ තනි විශාලතම පිරිපහදුව වන අතර එය 1969 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිකරනු ලැබූ අතර ඉරානයේ මගපෙන්වීම යටතේ එය සංවර්ධනය කරනු ලැබුවා.