ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කර තිබෙනවා .
ඒ අනූව ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01 කින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව සදහන් .
එම තීරණයත් සමඟ සඳුදා දිනයේ දී තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලරයකට වඩා වැඩි වෙන බව වාර්තා වනවා .
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64 ක් වූ අතර එය අමෙරිකානු ඩොලර් 1.51 කින් හෝ සියයට දෙකකින් ඉදිරියේ දී ඉහළ යනු ඇති බවද සඳහන්.