Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශේණිගත කිරීම්වල කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකරගෙන තිබෙනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ආසියානු කුසලාන තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙනි. ඩුබායිහිදී පැවති එම තරගයේදී චමරි අතපත්තු එක් කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව නොදැවී ලකුණු 48ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දායක වූවා. ඒ අනුව 36 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකාව විස්සයි 20 පිතිකාරිනියන් අතර හයවැනි ස්ථානයටත්, පන්දු යවන්නියන් අතර 33වැනි ස්ථානයටත්, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයටත් පත්ව තිබෙනවා එම ස්ථාන තුනම චමරි අතපත්තු සිය විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අදාළ කාණ්ඩවල මෙතෙක් ලබාගත් ඉහළම ශේණිගත කිරීම් වීම විශේෂත්වයක්. මේ වසර මුලදී පැවති අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 172ක් රැස්කරමින් සහ කඩුලු 3ක් දවාගනිමින් දස්කම් දැක්වූවා. මේ අතර නවතම ශේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුද ඉදිරියට පැමිණ තිබේ. ඉමේෂා දුලානි ස්ථාන හතරකින් ඉදිරියට පැමිණ විස්සයි20 පිතිකාරිනියන් අතර 18වැනි ස්ථානයට පත්ව ඇති අතර, හර්ෂිතා සමරවික්‍රම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩිකා සුගන්ධිකා කුමාරිද විස්සයි20 පන්දු යවන්නියන්ගේ ශේණිගත කිරීම්වල ස්ථාන පහකින් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානයට පත්ව ඇති බවයි දැක්වෙන්නේ. මේ අතර ඉන්දුනීසියාවට එරෙහිව කඩුලු දෙකක් දවාගත් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩිකා මරුෆා අක්තර් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ විස්සයි20 පන්දු යවන්නියන් අතර 37වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  හර්ෂිතා - නිලක්ෂි නොබිඳුණු සබඳතාවයෙන් දෙවැනි ජයත් ලබයි
    chamari athapaththu icc womens t20 United Arab Emirates
    පෙර පුව​තපාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    ඊළඟ පුව​ත සංචාරක පැමිනීම පහතට

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group