ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.