බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පවුලට අයත් ඩකා හි පිහිටි නිවස ගිනි තබා විනාශ කර තිබෙනවා.
මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ පියා එනම් නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවස වන අතර හසීනාගේ අවසරයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මේ නිවස ගිනි තබා තිබුණේ හසිනා පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක් විසින් බවයි සඳහන් වන්නේ.