ශ්රී ලංකා A කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ඉතිරි වී ඇති එක්දින තරග ද්විත්වය කල් දැමීමට පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.
මේ වන විට පාකිස්තානයේ ඉස්ලමාබාද් අගනුවර ඇති වී ඇති දේශපාලන ක්රියාකාරකම් හේතුවෙන් මෙම තරග ද්විත්වය කල් දැමීමටයි තීරණය කර ඇත්තේ
කෙසේනමුත් තරග පැවැත්වීමට නියමිත දිනයන් තවමත් ප්රකාශයට පත් කර නැහැ.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තාන A කණ්ඩායම ලකුණු 108ක ජයග්රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව ඉතිරි තරග ද්විත්වය අද ඊයේ සහ හෙට පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.