
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ අනුව නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර, ඒ අනුව ඩිල්ෂාන් මධුසංඛ හා ප්‍රමෝද් මදුශාන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.














