එළෙඹෙන සිකුරාදා චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ තවත් රටවල් හතක කණ්ඩායමක් රැස්වීමකට සහභාගී වීමට සූදානමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ඒ නව ස්වෛරී ණය පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
මේ අනුව එම කණ්ඩායම තුළ ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඝානාව වැනි රටවල නිලධාරීන් ද ඇතුලත් වන අතර G20 රාමුව යටතේ ණය ඉල්ලා තිබෙන බව ද සඳහන්.
කෙසේ වෙතත් මෙම රැස්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ඉන්දියාව විසින් සම සභාපතිත්වය දරනු ඇති බවයි රොයිටර් පුවත් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.