ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව රජය විසින් යළි සංශෝධනය කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය ඊයේ(30) නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුවයි.
එලෙස නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සංවිධාන 15ක් සහ පුද්ගලයන්
217 දෙනෙකු නම් තහනම් සංවිධාන සහ පුද්ගලයන් ලෙස නම් කර තිබෙනවා.
මෙම තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ නම් ඇතුළත් අදාළ ගැසට් නිවේදනය අවසන්වරට සංශෝධනය කළ අවස්ථාවේදී එහි තහනම් සංවිධාන 15ක් සහ තහනම් පුද්ගලයන් 222 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබුණා.
කෙසේ වෙතත් මෙවර සංශෝධනයේදී තවත් සංවිධාන දෙකක් එක්වී ඇති අතර පුද්ගලයන් පස් දෙනෙකුගේ නම් ඉවත් කර තිබෙනවා.
සංශෝධිත නව ගැසට් නිවේදනයට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශ සීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය, ජාතික තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන 17ක් තවදුරටත් තහනම් සංවිධාන වනු ඇති.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.