අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ඇපමත මුදාහැර තිබෙනවා.
ඒ මහවැලි අධිකාරියට අයත් ඉඩමක දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව පමත ජාතික හානිපූර්ණ කාර්යාලයේ එවකට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යශයේ අතිරේක ලේකම්වරිය වන සේපාලිකා සමන් කුමාරි නමැති සැකකාරිය රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙක්ක නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට හානි පූර්ණ කාර්යාලයට ඇතුල්වීම තහනම් කරන බවට ද නියෝග කර තිබෙනවා.