ජාත්‍යන්තර මුහුදේදී අමෙරිකා හමුදා විසින් තවත් වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ යාත්‍රාවකට පහරදී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යය ඔස්සේ සටහනක් තබමින් සදහන් කළේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් ලෙස හදුනාගත් පිරිසකට මෙලෙස පහර දුන් බවයි.
ජනාධිපතිවරයාගේ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ මෙහෙයුමේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.
පසුගිය දෙවැනිදා ද වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත යාත්‍රාවකට අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර එහිදී 11 දෙනෙකු මියගොස් තිබුණා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෙයි විසින් මෑතක එල්ල කළ ප්‍රහාරය හෙළා දැක ඇති බවයි.
එමෙන්ම ඒ සඳහා වන ප්‍රතිප්‍රහාර තියුණු විය හැකි බවට ද වෙනිසියුලානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
- සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
- රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක













