වෙන්නප්පුව වැව පාර ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙක් විසින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අනතුරට ලක්කොට තියුණු ආයුධවලින් පහරදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අදාළ ඝාතනය සිදුවී කෙටි කාලයක් තුළදී එක් සැකකරුවෙක් ගිනි අවිය සහ කාර් රථයද සමගින් අත්අඩංගුවට ගැනුණු බවයි.
සෙසු සැකකරුවන් දෙදෙනා ඊයේ(31) රාත්‍රී කාලයේදී වෙන්නප්පුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26ක් සහ 29ක් වන තරුණයන් දෙදෙනෙකි.
වෙන්නප්පුව පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන අනුව සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහර කා වෙඩි තැබීම හේතුවෙන් යතුරු පැදියේ යමින් සිටි එක් පුද්ගලයෙක් ඝාතනයට ලක්වී ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.