Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තව දවස් දෙකක් පහු වුණා නම් සර්ලට අපේ නැට්ටවත් අල්ලන්න බෑ

    තව දවස් දෙකක් පහු වුණා නම් සර්ලට අපේ නැට්ටවත් අල්ලන්න බෑ

    2025-09-01කියවීමට මිනිත්තු 3ක් ගතවේ.231 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.” යැයි පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලිගල මහතාට පවසා තිබෙනවා.

    “මම හීනෙකින්වත් හිතුවේ නෑ සර්ලා ජකර්තාවලට ඇවිත් අපිව අල්ල ගනියි කියලා. හැබැයි මට දැනුණා අපිට මොකක් හරි කරදරයක් වෙන්න යනවා කියලා. අපි තව දවස් දෙකකින් තුර්කියට යන්න ලෑස්ති වෙලා හිටියේ. එහෙ නැවතිලා ඉන්න ඕන හැම දෙයක්ම සූදානම් කරගෙන හිටියේ.

    මම ලෝකේ රටවල් 20ක විතර ඉඳලා තියෙනවා. ඒ රටවල් අතරින් අපට ඉන්න තිබුණු ආරක්ෂිතම රට විදිහට දැක්වේ ඉන්දුනීසියාව.
    ලංකාව වගේ 29 ගුණයක් මේ රට ලොකුයි. විශාල ජනගහනයක් ඉන්නවා. අපිට හැංගිලා ඉන්න ආරක්ෂිතව රට විදිහට දැක්කෙ මේ රට.
    අපි ලංකාවේදී අහුවුණත් මේ රටේදී අහුවෙයි කියලා හිතුවේ නැහැ.

    අපිව අල්ලගත්ත දවසෙදි තොරතුරක් ආවා ඕලුගල සර් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි අපි හිටපු තැන මාරු කරලා වෙන තැනකට පැන්නේ. ඒත් අන්තිමේදී අපි පොසියට කොටු වුණා.” යැයි කෙහෙල්බද්දර පද්මේ රොහාන් ඕලුගල මහතාට තවදුරටත් කියා තිබෙනවා.

    ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගු-වට ගත් පාතාල ප්‍රබලයන් වන කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත, පානදුරේ කුඩු නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ශ්‍රී ලන්කන් ගගුවන් සමාගමට අයත් යානයකින් පසුගිය 30 වනදා රාත්‍රී මෙරටට ගෙන එනු ලැබුවා.

    ඉන්දුනීසියා පොලිසියේ නිලධාරීන් දොළොස් දෙකනු සහ ශ්‍රී ලංකාවෙන් ගිය අපරාධ පරීක්‍ෂණණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නව දෙනෙකුගේ ආරක්ෂාව යටතේ මෙම පාතල අපරාධකරුවන් මෙරටට රැගෙන එන ලදී.

    මෙම මෙහෙයුම භාරව සිටි සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලිගල සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන මහත්වරු ද එම ගුවන් යානයෙන්ම දිවයිනට පැමිණියා.

    ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළ පරීක්‍ෂා කිරීම සඳහා මහජන ආරක්ෂාව හා නීතිය, සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු රැසක් මේ අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

    ආශ්‍රීත පුවත්:  කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ,හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට

    පාතාල අපරාධකරුවන් රැගෙන ආ මෙහෙයුමට නායකත්වය දුන් රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීහු ඉතාම උණුසුම් අන්දමින් මල්මාලා පළඳවමින් ගුවන් තොටුපොළෙදී පිළිගනු ලැබුවා.

    මෙම පාතාල අපරාධකරුවන් රැගෙන ඒමට ආරක්ෂාව දුන් ඉන්දුනීසියානු පොලිසියේ නිලධාරීන්ට මෙහිදී ත්‍යාග සහ සමරු තිළිණ ලබාදීමට අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා කටයුතු කළහ.

    පාතාල අපරාධකරුවන් ආරක්ෂිතව කොළඹට රැගෙන යාමට පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

    එහිදී දැඩි ආරක්ෂාවක් යටතේ මෙම පාතාල අපරාධකරුවන් කොළඹට රැගෙන යනු ලැබුවා.

    අත්අඩංගුවේ සිටි පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

    පාතාල අපරාධකරුවන් වන තැඹිලි ළහිරු සහ බැකෝ සමන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති අතර ඔවුන් වරාය පොලිසියේ රඳවා සිටිනවා.

    මෙම අපරාධකරුවන් පස් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසනවා.

    අලුත්කඩේ අධිකරණය තුළදී ගණේමුල්ලේ සංජීව නමැති පාතාලා නායකයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත වෙතයි.

    පානදුර ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදු වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු මිනිස් ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් කුඩු නිලංගට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

    මිද්දෙණියේ කජ්ජා නමැත්තා සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා පසුගියදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අපරාධකරුවන්ගේ නියෝග මතයි.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබනවා.

    උපුටා ගැනීම : දිවයින පුවත්පත 2025-09-01
    rohan olugala කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත තැඹිලි ළහිරු පානදුරේ කුඩු නිලංග බැකෝ සමන් රොහාන් ඕලුගල
    පෙර පුව​තවෙන්නප්පුව ඝාතනයේ තවත් දෙන්නෙක් කොටු
    ඊළඟ පුව​ත පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු ගුණ සමරු උත්සවය අද

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group