වෘත්තීය සමිති නියෝජිතයන් සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සමස්ත ලංකා කෘෂි රක්ෂණ සේවක සංගමයේ සාමාජිකයන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් පෙරේදා (27) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ හා සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය ජනගත කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කිරීම හා එය රට පුරා ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලදී. ඒ සම්බන්ධයෙන් මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සභාපතිතුමන් විසින් අදහස් යෝජනා ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ගාමිණී සේනාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුජීවා එස්. ගුරුගේ මහත්මිය සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා ද සහභාගි වූහ.














