කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 155 ක ඉලක්කය තරගයේ 19 වැනි පන්දුවාරයේදී පසු කර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 73 ක් රැස් ගත්තා. පන්දු 51 කට මුහුණ දෙමින් කුසල් ගොඩ නැගූ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් ඇතුළත්. කුසල් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් රැගෙන ආ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 78 ක සබඳතාවක් පවත්වා ගනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 28 කට පමණක් වීමද විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- පාකිස්තානයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
- දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට
- දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා
- ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට
- රුහුණු විශ්ව විද්‍යාලයේ ගැටුමක්
- ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයට කෝප් කමිටුවෙන් කැදවීමක්
- රජයේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා ප්‍රමාදවීම ගැන ජනපතිගේ අවධානය
- ගාසා සටන් විරාමය යලිත් ඇරඹෙයි