Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

    2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

    2025-07-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන දා හතර වැනිදා සිට විසි අට වැනිදා දක්වා සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ප්‍රතිඵල පිළිබඳ කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112- 784537 යන දුරකතන අංක ඇමතිමෙන්ද විමසීම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 2024 – සාමාන්‍ය පෙළ විභාගය පසුගිය වසරේ මාර්තු මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664 කදී පැවැත් වුණා. ඒ සඳහා සිසුන් හාර ලක්ෂ 74,147 දෙනෙකු පෙනී සිටි අතර, ඔවුන් අතුරින් තුන් ලක්ෂ 98,182 දෙනෙකු පාසල් අයදුම්කරුවන්. මේ අතර සියලුම විදුහලිපතිවරුන්ට අයදුම්පත් එවීම සඳහා මේ වන විටත් ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බා ගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර සියලුම පළාත් සහ කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරුන්ටද පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බා ගත කර කිරීමේ හැකියාව ද සලසා දී තිබෙනවා. සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ටද සිය විභාග අංකය හෝ ජාතික හැදුරුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් බා ගත කර ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇතැයිද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එලෙස ලබා ගන්නා මුද්‍රිත ප්‍රතිඵල සටහන් උසස් පෙළ පන්ති සඳහා ඇතුළත්වීමට වලංගු ලේඛනයක් ලෙස පිළිගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතද, නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම විභාගයේ සහතික පත් ලබන දා හතර වැනි සඳුදා සිට මාර්ග ගතක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

    පෙර පුව​තමහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
    ඊළඟ පුව​ත විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group